FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෙනුවෙන් චීනයේ ඉදිකල නව රෝහල අද විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරස ආසාධිතයන් වෙනුවෙන් ඇඳන් 1000 කින් සමන්විතව ඉදිකල රෝහල අද (03) විවෘත කරන බව චීනය පවසයි.

දින 8 ක දී ඉදි කල මෙවැනිම තවත් රෝහලක් ඉදි කිරීමට නියමිතව ඇති බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

නව කොරෝනා වෛරසය හමුවේ චීන ආර්ථිකයට සිදුවූ බලපෑම අවම කිරීමට ඩොලර් බිලියන 170 ක මුදලක් යෙදවීමට චීන මහ බැංකුව ඊයේ (02) තීරණය කළේය.

මේ අතර චීනය සමඟ වන සිය දේශ සීමාව මුලුමනින්ම වසා දමන ලෙස බලකරමින් හොංකොං හි රෝහල් සේවකයන් අද සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමටද සූදානම් වන බවටද වාර්තා වේ.