FAST NEWS

24×7 Around the Globe

කොරෝන හේතුවෙන් බොර තෙල් මිලට බලපෑම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල කෙරෙහි ඍජු බලපෑමක් ඇති වී තිබේ.

ඒ චීනයේ පැතිර යන කොරෝනා වෛරස් උවදුර හේතුවෙන්.

ලොව දෙවන විශාලතම ආර්ථිකය වන චීනයේ ඉල්ලුම පහත වැටීම ඊට ප්‍රධාන හේතුවයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඩොලර් 57 ශත 84 දක්වා පහත වැටුණු අතර එය පසුගිය මැයි මාසයෙන් අනතුරුව වාර්තා වූ අඩුම අගයවේ.