FAST NEWS

24×7 Around the Globe

ඉන්දියානුවන් 324 දෙනෙක් වූහාන් සිට රැගෙන එයි

(ෆාස්ට්  නිව්ස් | කොළඹ) –චීනයේ වූහාන් නගරයේ සිට ඉන්දියාවට විශේෂ ගුවන් යානයකින් එරට පුද්ගලයින් 324 දෙනෙකු රැගෙන විත් තිබේ.

බෝයිං 747 වර්ගයේ මෙම ගුවන් යානය නවදිල්ලි ගුවන් තොටුපළ වෙත අද උදෑසන ගොඩබස්වා ඇති අතර ගුවන් යානයේ වෛද්‍යවරුන් 5 දෙනෙකු ඇතුළු විශේෂ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් ද යොදවා තිබුණි.

විදෙස් මාධ්‍ය පවසන්නේ වූහාන් නගරයේ සිටි ඉන්දියානුවන් 6 දෙනෙකු යානයට ඇතුළු කරගෙන නොමැති බවයි.

ඒ, ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදිත වි ඇත්නම් යානයේ අනෙක් මගීන්ට එය අවදානම් වන හෙයිනි.

කෙසේවෙතත් වූහාන් සිට පැමිණි ඉන්දියානුවන් 324 දෙනා විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක් රැදවීමට පියවර ගෙන තිබේ.