FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් වෙන් වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලන්ඩනයේ බිග්බෙන් හෝරා කුළුණේ රාත්‍රී 12 කණිසම වදිනවාත් සමඟම බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත්ව තිබේ. 

සාමාජික රටවල් 28කින් සමන්විත යුරෝපා සංගමයෙන් ඉවත්ව යන පළමු රටවන්නේද බ්‍රිතාන්‍යයි.

බ්‍රිතාන්‍යයේ වත්මන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ එය නව යුගයක ආරම්භයක් බවයි.

ඒ අනුව වසර 47ක යුරෝපීය සංගම් සාමාජිකත්වය බ්‍රිතාන්‍යට අහිමි වනු ඇති.

පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු මත විමසුමට අනුව යුරෝපීය සංගමයෙන් ඉවත්විමට අදාල යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වනු ලැබුවේය.

කෙසේ වෙතත් යුරෝපා සංගමයෙන් නිලවශයෙන් ඉවත් වුවද එම සංගමයට අදාල ඇතැම් නීති තවත් මාස කිහිපයක් දක්වා අනුගමනය කිරීමට බ්‍රිතාන්‍යයට සිදුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි .