FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණය වෙනුවෙන් බැසිල් අද දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද ( 30) රාත්‍රියේ දී මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. 

ඔහු ඉකුත් ජනපතිවරණයේදී ජනපති ගෝඨාභය මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටුකරනු ලැබීය.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හා තවත් කාරණා කිහිපයක් වෙනුවෙන් ඔහු ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටත්ව ගොස් තිබිණි.

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන කටයුතු වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා නැවත පැමිණෙන බවද වැඩිදුරටත් වාර්තා විය.