FAST NEWS

24×7 Around the Globe

එක්නැලිගොඩ LTTE සංවිධානය සමග සබදතා පැවැත් වුවාද?

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පළමුවර පැහැරගත්තේද, දෙවැනිවර පැහැර ගත්තේද එම කණ්ඩායමක් විසින් බවට සැකයක් මතුව ඇතැයි පැවසේ.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පළමුවරට පැහැරගෙන තිබුණේ 2009 වසරේ අගෝස්තු 27 ය. ඉන්පසුව ඔහු 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර යළිත් පැහැර ගැනීමට ලක්ව තිබිණි.
එනම් 2010 ජනවාරි 24 වැනිදාය.

එක්නැලිගොඩ මහතා LTTE සංවිධානය සමග සබදතා පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වුවද, ඔහු LTTE සංවිධානය සමග සබදතා පවත්වා ඇත්තේ මාධ්‍යවේදියෙකු ලෙස තොරතුරු ලබා ගැනීමට මිස සාපරාධී ක්‍රියාවන් වලට දායකවීමට නොවන බවටද තොරතුරු හෙළිවී ඇති බවද පැවසේ.

කෙසේවෙතත් 2010 වසරේ ජනවාරි 14 වැනිදා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කරවීම සිදු වී අැත්තේ දේශපාලන හේතුවක් මත බවට මේවන විට තොරතුරු ලැබී ඇති බවද පැවසේ.

ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම පිළිබද පරීක්ෂණ කටයුතු පිළිබද සෑහීමකට පත්වන්නේද යන්න පිළිබදව ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසා ඇත්තේ වර්තමානය වන විට මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණ කටයුතු පිළිබදව තමා සෑහීමකට පත්වන බවයි.

මහින්ද රාජපක්ෂගේ පාලන සමය තුළ ඔහුගේ බලපෑමෙන් සිය සැමියා අතුරුදහන් වීම සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදු නොවු බවත් එක්නැලිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධව ලංකාවේ පොලිසිය පරීක්ෂණ නොකල බවත් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සිහිපත් කළාය.

නව ජනාධිපතිවරයා පත් වීම සමග මෙම පරීක්ෂණ කටයුතු නිසි අාකාරයෙන් සිදු වන බව තමා විශ්වාස කරන බව අැය සදහන් කළාය.

ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීම පිළිබදව විමර්ශන කිරීම සදහා එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීම පසුගිය මාර්තු 12 වෙනිදා සිදු වූ බවත් එතැන් පටන් මේ දක්වා ඔවුන් සිදු කරන පරීක්ෂණ කටයුතු පිළිබදව තමා සෑහීමකට පත් වන බව අැය පැවසුවාය.

මේ සදහා සිදුවන බාධා කිරීම් පැවති බවත් විශේෂයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නොයෙක් පුද්ගලයින් යොදවමින් සිදු කරන අපහාස කිරීම් දිගින් දිගටම සිදුවන බවත් මහින්ද රාජපක්ෂ ගේ ගෝල බාලයන් විසින් විවිධ බොරු ප්‍රචාරයන් මවාපාමින් LTTE සමග සම්බන්ධ බවත් තවත් අායතන හා සම්බන්ධ බවටත් ප්‍රචාරයන් සිදු කරමින් සිටින බව අැය වැඩිදුරටත් පවසා සිටියාය.