FAST NEWS

24×7 Around the Globe

කාශ්මීරයේ හිම කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පකිස්තාන, කාශ්මීර ප්‍රාන්තයේ හිම කඳු කඩා වැටීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව සියයක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ ගත වූ දින කිහිපය තුළ මෙම මරණ වාර්තා වී ඇති බවයි.

තවද කඩාවැටුනු හිම කන්දකට යටවී සිටි 12 හැවිරිදි දැරියක් පැය 18ක පමණ කාලයකට පසු මුදාගැනිමක් ද එම ප්‍රදේශයෙන් වාර්තා විය.

පාකිස්ථානු බලධාරින් පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ ද කාශ්මීර ප්‍රාන්තයට දැඩි හිම පතනයක් අපේක්ෂා කරන බවයි.