FAST NEWS

24×7 Around the Globe

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කොරියාවෙන් මුදල් ප්‍රදානයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10.96 ක ප්‍රදානයක් ලබා දීමට කොරියානු රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති හියෝන් ලී (HEON LEE) මහතා පැවසුවේ 2020 තුළ මෙම ප්‍රදානයන් ලබා දීමට කටයුතු කරන බවයි.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ කොරියානු තානාපතිවරයා අතර ඊයේ (15) පැවති සාකච්ඡාවේ දී මේ බව අනාවරණය විය.

ඒ අනුව කුච්චවේලි සංචාරක කලාපය සංවර්ධන කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.36 ක ප්‍රදානයක් සහ මාතලේ ඇටන්වල ප්‍රජා සත්කාරක සංචාරක ගම්මානය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.6 ක ප්‍රදානයක් කොරියානු රජය විසින් ලබා දීමට නියමිතයි.