FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයට

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) –  ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයේදී අද (16) සළකා බැලීමට නියමිතය.

කලින් වතාවේදී එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වූයේ වැඩි ඡන්දයෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , සෙනෙට් මණ්ඩලයේ බලය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට හිමි නිසා මෙවර දෝෂාභියෝගය පරාජයට පත්වනු ඇති බවයි.

ට‍්‍රම්ප්ට එරෙහිව මෙම දෝෂාභියෝගය ගෙන ආවේ කොංග‍්‍රස් මණ්ඩලයේ කතානායක මෙන්ම ප‍්‍රබල ඩිමොක‍්‍රටික් පාක්ෂිකා නැන්සි පෙලෝසි විසින්.

සිය බලතල අනිසි ලෙස භාවිත කිරීම හා කොංග‍්‍රස් මණ්ඩලයේ කටයුතු සඳහා බාධා කිරීම සම්බන්ධයෙන් දෝෂාභියෝගය හරහා ජනාධිපති ට‍්‍රම්ප් වෙත චෝදනා එල්ල වෙයි.