FAST NEWS

24×7 Around the Globe

රටේ සදාචාරය කන නරුමයින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෝලන්ත ජාතික ධනවත් කාන්තාවන් දෙදෙනෙකුව කොල්ලකා ඇති පුවතක් අපට වාර්තා විය.

එම විදේශීය ජාතිකයින් මෙරටට පැමිණ ඇත්තේ කටුවාපිටිය දේවස්ථානයට පාස්කු ප්‍රහාරයෙන් වූ විපත අන්තර්ජාලයෙන් දැක උදව් කිරීම සඳහාය.

කටුවාපිටිය ගම්වාසීන් මුණගැසීමට පැමිණි අවස්ථාවේ ඔවුන්ගේ ගමන් බෑගයක් කොල්ලකා ඇති අතර ඔවුන්ව කටුවාපිටිය පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනා එක කතකගේ ගමන් බෑගය පැහැරගෙන පළා ගොස් ඇත.

අතර පැහැරගත් බෑගයේ ඇගේ ගමන් බලපත්‍ර ජංගම දුරකථන මුදල් ඇතුළු වටිනා දේ තිබී ඇති බව පොලිසිය පවසයි.

මෙම සිදුවීමත් සමග විදේශිය කාන්තාවන් භියවී දිවයිනෙන් පිටත්ව ගිය බව වාර්තාවේ.