FAST NEWS

24×7 Around the Globe

අදිසි හස්තයන් ගැන අවධානයෙන් සිටින්නැයි ජනපතිට දැනුම්දෙයි

(ෆාස්ට් නිව්ස් | මහනුවර) –  අනාගතයේදී විවිධ ස්වරූපයෙන් විවිධ ආකාරයට මතුවිය හැකි අදිසි හස්තයන් පිළිබඳව අවධානයෙන් ක්‍රියාකළ යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පැවැසූහ. 

උන්වහන්සේ මේ බව සඳහන් කරේ ජනාධිපතිවරයා උන්වහන්සේව බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීයි.

ඉන් පසුව ජනපතිවරයා අස්ගිරි මහ විහාර පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේද බැහැදැක පිළිසඳරක ද නිරත විය.

පත්වී ඇති තත්ත්වයෙන් රට මුදා ගැනීමට ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ උඩුගං බලා පිහිනීමක් වනු ඇතැයි උන්වහන්සේ එහිදී පෙන්වාදුන් අවස්ථාවේ තමා එය මනාව අවබෝධ කරගෙන ඇතැයි ජනාධිපතිවරයා ඊට පිළිතුරු වශයෙන් කියා සිටියේය.