FAST NEWS

24×7 Around the Globe

අගමැති ඝාතනයට කුමන්ත්‍රණයක්?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ පැමිණීමට නියමිතව තිබූ අවස්ථාවකදී ඒ සඳහා කළ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මොරොන්තුඩුව, කොරොස්දූව රජමහා විහාරය ආසන්නයේ දී උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබේ.

අදාළ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයට පෙර මාර්ගය සෝදිසි කිරීමට ලක්කළ අවස්ථාවේ මෙම උණ්ඩ සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේය.

විහාරය ආසන්නයේ ගොඩ කරමින් ඇති වගුරු බිමක තිබී ඒවා සොයාගෙන තිබුණු අතර ජීව උණ්ඩයක්, හිස් පතරොම් කොපු 2 ක්, RPG උණ්ඩ 2 ක් සහ පෑන් පිස්තෝලයක කොටසක්ද මීට අයත් බව වාර්තා වේ.