FAST NEWS

24×7 Around the Globe

අශේන්ගෙන් CIDය ප්‍රශ්න කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අශේන් සේනාරත්න නම් සමාජජාල ක්‍රියාකාරිකයා ගෙන් ප්‍රශ්න කර තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ජංගම දුරකථන පටිගත කිරීම ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව බවට වාර්තා වේ.

ඊයේ (12) දිනයේ පැය තුනක පමණ කාලයක් මෙම ප්‍රකාශ ඔහුගෙන් සටන් කරගෙන ඇත.

අදාල ප්‍රශ්න කිරීම්වලදී රාමනායකගේ හඬ පට සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවද වාර්තා වෙයි.

මෙහිදී අශේන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් අවස්ථා කීපයේදීම රාමනායක මහතාගේ මාදිවෙල මන්ත්‍රී නිවසට ගොස් ඇති බවත් සමාජ ජාලා ක්‍රියාකාරකම් වලට අදාළ ඔහුට සහාය දුන් බවත්ය.