FAST NEWS

24×7 Around the Globe

මැනීලා ගුවන් තොටුපළ වැසෙයි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | පිලිපීනය) –  පිලිපීනයේ මැනිලා අගනුවරට දකුණු දිගින් වු බාටාන්ග් ප්‍රාන්තයේ “ඨාල්” ගිනි කන්ද සක්‍රියවීම ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

මෙම තත්ත්වය හේතුවෙන් මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමට ද පිලීපින බලධාරින් පියවර ගෙන ඇත.

ගිනි කන්ද සක්‍රිය වීමත් සමග එයින් නැගුණු අළු මිටර් සැතපුම් 9 ක් පමණ ඉහල අහසට විහිදී ගොස් ඇති බව පීලිපිනයේ ගිනිකදු සහ භුකම්පන පිලිබද වූ ආයතනය සදහන් කර සිටියේය.

අදාළ ප්‍රදේශය අවට ජීවත්වු දහස් සංඛ්‍යාත වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යැවීමට එරට බලධාරින් මේ වන විට කටයුතු ආරම්භ කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.