FAST NEWS

24×7 Around the Globe

සුළු, මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය ගෙවීමට රජයෙන් සහන කාලයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති සක්‍රීය තත්ත්වයේ පවතින ණය ගෙවීමට රජය සහන කාලයක් ලබාදී තිබේ.

මෙම සහන කාලය ලබාදී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති සක්‍රීය තත්ත්වයේ ණය සඳහා බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා සහන කාලසීමාවක් ලෙස ලබාදුන් බවයි.