FAST NEWS

24×7 Around the Globe

දෙවැනියට සිදුවූ විශාලතම කොටස් ගනුදෙනුව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පී.එල්.සී හි දෙවැනියාට විශාලතම කොටස් හිමියා වූ මැලේසියාවේ Broga Hill Investments Ltd සිය සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය අද (09) පෙරවරුවේ දී විකුණා දමා තිබේ.

මෙහි ගැණුම්කරු විදෙස් අයෝජකයෙක් වන අතර Broga Hill Investments Ltd සතුව පැවති කොටස් මිලියන 141.85 ක් රු. 160.00 බැගින් විකුණා තිබුණි.

මෙය ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දෙවැනියට විශාලතම තනි කොටස් ගනුදෙනුව වේ.