FAST NEWS

24×7 Around the Globe

දිලීර රෝගයක් පැතිර යාම හේතුවෙන් අස්වැන්නට හානි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාතලේ ප්‍රදේශ රැසක එළවළු බෝග ආශ්‍රිතව දිලීර රෝගයක් පැතිර යාම හේතුවෙන් අස්වැන්න දැඩි ලෙස විනාශ වී ඇති බව ගොවින් පවසයි.

මෙම දිලීර රෝගය මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, දඹුල්ල, යටවත්ත ආදී ප්‍රෙදේශවල වැටකොලු, කරවිල, බෝංචි වගාවන් ආශ්‍රිතව පැතිර ගොස්ඇති බව සඳහන්.

පසුගිය දිනවල ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාව සහ අව් රශ්මිය නොමැති වීමෙන් මෙම දිලීරය ඇති වී තිබෙන බවට විශ්වාස කරන බව ගොවීන් කියා සිටියේය.

මේ හේතුවෙන් අස්වැන්න ලබා ගැනීමට ගොවීන් අපහසුතාවයට පත්ව ඇති බවත් ඒ සඳහා හැකි ඉක්මණින් පියවරයක් ගැනීමට බලධාරීන් මැදිහත් විය යුතු බවත් ගොවින් වැඩිදුරටත් පවසයි.