රංජන් අත්අඩංගුවට ගැනීමේ කවුරුත් නොදත් ඇත්ත

රංජන් අත්අඩංගුවට ගැනීමේ කවුරුත් නොදත් ඇත්ත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට සියළුම මාධ්‍ය ජාල ඔස්සේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ දුරකථන සංවාද කවුරුන් කෙලෙස මාධ්‍ය වෙත මුදා හැරියේද යන්න පිළිබඳව විවිධ මත පළවෙමින් පවතී.

පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට ප්‍රධානම හේතුව ලෙස ඔහු සතුව තිබූ පටිගත කළ හඬපට වන අතර නිල් චිත්‍රපට සහ බලපත්‍ර නැති පිස්තෝලය පරික්ෂාවේ දී සොයා ගත් අතුරු කාරණා බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

රංජන් ගේ සෑම දුරකතන ඇමතුමක්ම ස්වයංව පටිගත වන App එකක් ඔහුගේ දුරකතනයේ තිබී ඇති අතර දුරකතනයේ ඉඩ අවසන් වූ වහාම එම සංවාද හාඩ් ඩිස්ක් සහ සීඩී තැටි හරහා පිටපත් කරගෙන තිබේ.

එම හඬ පට පොලීසියට ලබා දුන් පුද්ගලයා විසින්ම සමාජ ජාලා වලට මුදා හැර විවිධ සංවිධාන සහ දේශපාලකයින්ට ලබා දී ඇති බවට වාර්තා වේ.

රංජන් රාමනායක මන්ත්‍රිවරයා ඔහු සතුව තියෙන මුල් පිටපත් විනාශ කළේ නම් මේ මහා අපරාධය , අධිකරණයට හා විරුද්ධවාදී දේශපාලකයන්ට සිදු වූ අපරාධය ලොවට හෙළි දරව් කර ගැනීමට නොහැකි වීම මේ පුද්ගලයා මේ සංවාද මින් පෙර හෙළිදරව් නොකිරීමට හේතුව ලෙස දක්වා ඇත.

එම නිසා පොලීසිය විසින් මුල් පිටපත් අත් අඩංගුවට ගන්නා තුරු එය ප්‍රසිද්ධ නොකොට සිටීමට ඔහු කටයුතු කර තිබේ.