FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපතිගේ බෑණාටත් වැඩ වරදින ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු හමුදාපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයාගේ බෑණා අතර සිදු වූ බව කියන ටෙන්ඩර් ගණුදෙනුවක් සම්බන්ධයෙන් යළි විමර්ශන ආරම්භ කිරීමට සුදානම් වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා වන තිළිණ සුරංජිත් මහතා සහ හිටපු හමුදාපති මහේෂ් සේනානායක එකතුව සිදු කල බව කියන ටෙන්ඩර් ගනුදෙනු පිළිබඳ විමර්ශන යළි ආරම්භ වී ඇති බව වාර්තාවේ.

මෙහිදී හමුදාවට සපත්තු සැපයීමේ කොන්ත්‍රාතුව ඇතුළු සැපයුම් කොන්ත්‍රාත්තු ගණනාවක්ම ඔහු හරහා වංචනික ලෙස ලබාගෙන ඇති බවට ද හෙළිවී ඇත.

තිළිණ සුරංජිත් මහතා සම්බන්ධ දූෂිත ගනුදෙනු ගණනාවක් පිළිබඳ පසුගිය ආණ්ඩු සමයේදීම පැමිණිලි ලැබී තිබුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද මේවා පිළිබඳ විමර්ශන සඳහා අනුබල ලබාදුන් අතර පසුව ඒවා යටගසන ලදී.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ සාමාජිකයකු වීමෙන් ලැබුණු බලය උපයෝගී කරගනිමින් දූෂිත ගනුදෙනු ගණනාවකට තිළිණ සුරංජිත් මහතා මැදිහත්ව තිබු බව අනාවරණය විය.

ඒ අනුව අතරමග නතර වී ඇති මෙම දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන යළි ආරම්භ කරනු ඇත.