FAST NEWS

24×7 Around the Globe

කඩා වැටුණු යුක්‍රේන ගුවන් යානයේ සියලුදෙනා ජීවිතක්ෂයට [UPDATE] [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | යුක්‍රේනය) – මගීන් සහ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් 180 ක් සමගින් අනතුරට ලක්වූ යුක්‍රේන ගුවන් සමාගමට අයත් ගුවන් යානයේ කිසිඳු කෙනෙක් දිවි බේරාගෙන නැති බවට ඉරාන මාධ්‍ය තහවුරු කරයි.


(ෆාස්ට් නිව්ස් | යුක්‍රේනය) –  යුක්‍රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගීන් 180 දෙනෙක් සමග ඉරානයේ ටෙහෙරාන් අගනුවරදි කඩා වැටී තිබේ.

බෝයිං 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය ටෙහෙරානයේ ඉමාම් කොමේනී ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ගුවන් ගතවී සුළු මොහොතකින් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගුවන් අනතුරින් සිදුනූ ජීවිත හානි පිළිබද මෙතෙක් වාර්තා වී නොමැත.