FAST NEWS

24×7 Around the Globe

ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍යට ගිය 35 ක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | ඉරානය) – ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයේ සිදුවූ තෙරපිමකින් පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් තවත් 48 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

මෙම අවස්ථාව සඳහා ඉරාන වැසියන් මිලියන ගණනක් සහභාගී වී තිබූ අතර , ඔවුන් අමෙරිකානු විරෝධී වැකි පවසමින් වීථිපුරා ගමන්කර තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ භූමදාන කටයුතු සඳහා මියගිය මේජර් ජෙනරාල්වරයාගේ දේහය ඔහුගේ උපන් ගම වන කර්මන් වෙත රැගෙන ආ බවයි.

පසුගියදා මේජර් ජෙනරාල් කසීම් සුලෙයිමානි ඉරාකයේ බැග්ඩෑඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඝාතනයට ලක්වුණේ අමෙරිකාව එල්ල කළ රොකට් ප්‍රහාරයකින්.