FAST NEWS

24×7 Around the Globe

පෑලියගොඩ වෙළෙද සංකීර්ණය නුදුරේදීම ජනතා අයිතියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෑලියගොඩ නව තොග සහ සිල්ලර එළවලු වෙළෙද සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අදාළ බළධාරීන්ට උපදෙස් ලබාදී ඇත. 

මේ වසරේ මැද භාගයේදී එය ජනතා අයිතියට පත් කල හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

පෑලියගොඩ නව තොග සහ සිල්ලර එළවලු වෙළෙද සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු වේගවත් කර ඇති බවත් එම අධිකාරිය පවසයි.

කොළඹ මත්ස්‍ය තොග වෙළද සංකීර්ණයට සමගාමීව කොළඹ මැනිං වෙළඳපොළද පෑලියගොඩට ගෙන යාමට සැලසුම් කර ඇත.