FAST NEWS

24×7 Around the Globe

පාන් මිල අඩු කිරීමට බේකරි හිමියන් අකමැති වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තිරිගු පිටි ආනයනයට මෙතෙක් කිසිදු පාර්ශවයක් ඉදිරිපත් වී නොමැති බැවින් පාන් මිළ අඩු කල නොහැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

රජය විසින් අදාල බදු සහනය කෙටි කාලසීමාවක් සදහා පමණක් දී තිබීම මීට හේතුව බව එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේය.

පසුගියදා තිරිගු පිටි ආනයනයේදී අය කල රුපියල් 36 ක් වූ බද්ධ රුපියල් 08 දක්වා අඩු කිරීමට රජය පියවර ගත්තේය.