මැර ප්‍රහාරයකින් ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක සිසුන් රැසකට තුවාල

මැර ප්‍රහාරයකින් ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක සිසුන් රැසකට තුවාල

(ෆාස්ට් නිව්ස් | නවදිල්ලිය) – දිල්ලි අගනුවර පිහිටා ඇති ජවහර්ලාල් නේරු සරසවියට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පිරිසක් කල පහරදීමකින් සිසුන් සහ ගුරුවරුන් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන්දියාවේ විශිෂ්ඨතම විශ්ව විද්‍යාලයක් වන මෙහි වාමාංශික සිසුන් සහ භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ ඒ.බී.වී.පී. ශිෂ්‍යයන් ප්‍රහාරය සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරමින් සිටින බව ද වාර්තා වේ.

තත්වය පාලනයට පොලිසියද මැදිහත්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

කුමන පිරිසක් පහරදීම සිදුකලේ දැයි මෙතෙක් අනාවරණ වී නොමැති අතර නිල නොවන වාර්තා පවසන්නේ නව පුරවැසි පණතට එරෙහිව විරෝධතාවල නිරතවූ සිසුන් පිරිසකට මෙලෙස පහරදී ඇති බවයි.