FAST NEWS

24×7 Around the Globe

සියලුම දිස්ත්‍රික්කවලට දිවා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දිවයින ආවරණය වන පරිදි සෑම දිස්ත්‍රික්කයකම දිවා සුරැකුම් මධ්‍යස්ථාන දෙක බැගින් පිහිටුවීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 

ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වන කාන්තාවන්ගේ දරුවන් උදෙසා මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම මෙහි අරමුණයි.

රාජ්‍ය අමාත්‍ය විජිත් බේරුගොඩ මහතා සඳහන් කළේ ඒ යටතේ ඉදි කෙරෙන පළමු දිවා සුරැකුම් මධ්‍යස්ථාන දෙක මොණරාගල දී සහ කතරගමදී ආරම්භ කරන බවයි.