FAST NEWS

24×7 Around the Globe

බල්ලෙක් ගුවන් යානයක් බස්සයි.

එයාර් කැනඩා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ප්‍රවාහනය කරමීන් සිටි සුනඛයෙකුගේ ජීවිතය ගලවා ගැනිම සඳහා ගුවන් නියමුවෙකු හදිස්සියේ ගුවන් යානය ජර්මනියේ ෆෑන්ක්ෆර්ට් ගුවන් තොටුපළට ගොඩබැස්වීමක් කර ඇත.

ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර සිට කැනඩාවේ ටොරෙන්ටො දක්වා පියාසර කරමීන් තිබු මෙම යානයේ මෙම සුනඛයා සහ හිමීකරු ගමන් කරමීන් සිට ඇත.

නමුත් මෙම යානයේ භාණ්ඩ තිබෙන කොටසේ උෂ්ණත්වය පාලනය කෙරෙන යන්ත්‍රයේ දෝෂයක් පවතින බව නියමුවා දැනුවත් වී තිබේ.

එම නිසා යානය ඉහළ අහසට යැමේදි අධික සීතලක් ඇතිවන බව දැන සිටි නියමුවා මෙම සුනඛයාට එය දරා ගැනීමට නොහැකි වන බව හැගී යෑම නිසා තීරණය කර ඇත්තේ සුනඛයාගේ ජිවිතය ගලවා ගැනීම සඳහා ගුවන් යානය ගොඩබැස්වීමටය.

මෙසේ යානය ගොඩබැස්වීමෙන් පසු ජර්මන් ජාතික කොන්ටොරොව්ච්ගේ සුරතලා වන සිම්බා නැමති මෙම සුනඛයා වෙනත් ගුවන් යානයක් මගින් ටොරෙන්ටෝ යැවීමට කටයුතු කර තිබේ.

විනාඩි 70ක් පමණ ප්‍රමාද වී මෙම යානය ගමනාන්තයට පැමීණ ඇත.එහෙත් කිසිදු මගීයෙක් මෙම ප්‍රමාදයට එරෙහිව චෝදනා නොකීරීම විශේෂත්වයකි.

එම යානයට පසුව පැමීණි යානයකින් සුනඛයා ටොරෙන්ටෝ ගුවන් තොටුපළට ගෙන එමෙන් පසුව සීමිබාගේ හිමීකරු ඉතා සතුටින් සිමීබා රැගෙන ගොස් ඇත.