FAST NEWS

24×7 Around the Globe

ඉරානය 2015 න්‍යෂ්ටික ගිවිසුමේ සීමා වලින් ඉවතට

(ෆාස්ට් නිව්ස් | ඉරානය) –  ඉරාන හමුදා ප්‍රධානී ජෙනරාල් කාසින් සුලෙයිමානි ඝාතනය කිරීමේ සිදුවීම මුල්කර ගනිමින් ඉරාකයේ සිටින සියලු විදෙස් හමුදා කණ්ඩායම්වලට රටින් පිටවන ලෙස ඉල්ලා එරට පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාකය තුළ අමෙරිකානු හමුදා සාමාජිකයින් 5,000ක් පමණ සිටින අතර ඉන් බහුතරය උපදේශකයන් ලෙසද සේවය කරන බවයි.

එනමුත් ඇමරිකාව, යුරෝපය, රුසියාව, චීනය ඇතුලු ලෝක බලවතුන් සමඟ 2015 දි එළඹි න්‍යෂ්ටික ගිවිසුමේ කිසිදු සීමා කිරීමකට තවදුරටත් යටත් නොවන බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

සිය න්‍යෂ්ටික හැකියාව, ධාරිතාව සහ න්‍යෂ්ටික උපකරණ තොග හෝ ඒ පිළිබඳ පර්යේෂණ හා සංවර්ධණ කටයුතු සඳහා පනවා තිබූ කිසිදු සීමා කිරීමක් තවදුරටත් අනුගමනය නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් ඉරාන රජය ප්‍රකාශ කරයි.