FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ඇමරිකානුවන්ට හෝ මැදපෙරදිග ඇමරිකානු වත්කම්වලට පහරදුනහොත් ඉරානයේ මර්මස්ථාන 52 කට ඉතා වේගවත් සහ ඉතාදැඩි ප්‍රහාරයක් එල්ල කරන බව පවසයි.

ඉරානයේ සන්නද්ධ හමුදා නායක කසෙම් සොලෙයිමානි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාකයේ බැග්ඩෑඞ් ජාත්‍යන්තරගුවන්තොටුපල ආසන්නයේදී මියයාමේ සිද්ධියෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය.

ඊට පිළිතුරක් ලෙස ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලිකමේනි කියා සිටියේ ඊට දැඩි ලෙස පළිගන්නා බවයි.