FAST NEWS

24×7 Around the Globe

ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට ඉවත්වන ලෙසට දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) –  ඇමරිකානු පුරවැසියන්ට වහාම ක්‍රියාත්මකවන පරිදි ඉරාකයෙන් ඉවත්වන ලෙසට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

බැග්ඩෑඩ් ගුවන්තොටුපල අසලදී අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානයෙකු ඇතුලු හමුදා සාමාජිකයින් පිරිසක් මියයාමේ සිද්ධියත් සමඟ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙම දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම යළි දැනුම් දෙනතුරු බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය වසා තැබෙන බව ද නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.