FAST NEWS

24×7 Around the Globe

කතුරක් කළ හදියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නින්දාන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයකු කොණ්ඩය කප්පවා ගැනීමට බාබර් සාප්පුවකට පැමිණ සිටියදී එතනට කඩා වැදුණු බීමත් පුද්ගලයකු එම තරුණයාට කතුරකින් ඇන බරපතල තුවාල සිදු කර පලා ගොස් තිබේ.

බටපොල බොරලුවාතොට නින්දාන පිහිටි බාබර් සාප්පුවක් තුළදී මෙම සිදුවීම සිදුවී තිබේ.

මිනීමැරුම කළ සැකකරු හඳුනා ගෙන ඇති අතර මේ වන විට ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

තුවාලකරු කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළු කළ පසු මිය ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බටපොල පොලිසිය මේවනවිට පරික්ෂණ පවත්වයි.

අද (3) කරාපිටිය ශීක්ෂණ රෝහලේ දී මිය ගිය තරුණයාගේ මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.