FAST NEWS

24×7 Around the Globe

හමුදා ප්‍රධානි ඇතුළු 8 දෙනෙක් තායිවාන ගුවන් අනතුරින් මියයයි

(ෆාස්ට් නිව්ස් | තායිවානය) – තායිවානයේ හමුදා හෙලිකොප්ටරයක් හදිසි ගොඩබෑමක දී අනතුරට ලක්වීමෙන් එරට හමුදා ප්‍රධානියා ඇතුළු අට දෙනෙකු මියගොස් තිබේ.

එරට ජනාධිපතිවරිය බලධාරීන් වෙත අනතුරට හේතුව සොයා විමර්ශනයක් ආරම්භ කරන ලෙස නියෝග කර තිබුණි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම යානය ගොඩබැස්වීමට සුදානම් වූ බව සඳහන්.

හෙලිකොප්ටරයේ සුන්බුන් යට තවත් අය සිරවී සිටි බවත් තවත් උසස් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ද හෙලිකොප්ටර් යානය තුළ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.