FAST NEWS

24×7 Around the Globe

සජිත් ඉවතට මැතිවරණයේදී එජාපය මෙහෙයවීම කරුට?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීම සඳහා පත්කිරීමට තීරණය කර තිබේ.

මෙම තීරණය , පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී ගෙන ඇති බවට වාර්තා වේ.

කරු ජයසූරිය කථානායක ධූරයේ රැඳීම හේතුවෙන් එම වගකීම් භාර ගැනීමට ඔහු විසින් ඉදිරිපත් කර ඇති බව කියන කොන්දේසි පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර ගැනීමට හෙට (03) දින දක්වා කල් දමා ඇති බව වැඩිදුරටත් සඳහන්ය.