FAST NEWS

24×7 Around the Globe

රාජපක්ෂවරුන් අපට ආදර්ශයක් – රවී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජපක්ෂවරුන් පරාජය වුණ දිනයේ පටන්ම ජයග්‍රහණය වෙනුවන් සැලසුම් කිරීම තම පක්ෂයේ සියල්ලන්ටත් විශාල පාඩමක් බවත් එය ආදර්ශයට ගත යුතු කරුණක් බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කර තිබේ.

පක්ෂයේ සියලු දෙනා රැස් කොට යම් ගැටළුවක් තිබේනම් එය පක්ෂ අභ්‍යන්තරයෙන්ම විසදාගත යුතු බව ඔහුගේ අදහසයි.

පක්ෂයේ කිහිප දෙන්නෙක් අභ්‍යන්තරව ඊර්ෂ්‍යා සහගතව කටයුතු කිරීම තම පක්ෂයේ පරාජයට හේතුව වී ඇති අතර එම තත්තවයන් නිවැරදි කරමින් 2020 දී ජයග්‍රහණය කරා පක්ෂය ගෙනයාමට ඔවුන් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.