අරලිය සහල් ව්‍යාපාරය රජයට පවරා ගන්න – ඩඩ්ලි සිරිසේන කියයි

අරලිය සහල් ව්‍යාපාරය රජයට පවරා ගන්න – ඩඩ්ලි සිරිසේන කියයි

(ෆාස්ට් නිව්ස් |පොළොන්නරුව) – රටේ ආර්ථික කඩා වැටුණේ මං නිසා නොව පොළොන්නරුවේ දේශපාලනඥයන් නිසා බව අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

මේ නිසා තමන්ට පාඩු නොවන අයුරින් තක්සේරුවක් කර අරලිය සහල් ව්‍යාපාරය රජයට පවරා ගත්තද තමන්ට ප්‍රශ්නයක් නොමැති බව ඔහු කියා සිටි.

මේ බව ඔහු පවසා සිටියේ ඩඩ්ලි සිරිසේන ප්‍රජා සත්කාරක පදනම විසින් ඊයේ (01) සංවිධානය කල අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට ලබා දෙන පාසල් පොත් සහ උපකරණ බෙදාදිමේ අවස්ථාවට එක්වෙමිනි.

සිරිසෙන් මහතා වැඩිදුරටත් පැවසුවේ “ අද සමාජයේ මහ ලොකු ව්‍යසනයක් ලෙස කතා කරනවා සහල් මිල සම්බන්ධව. වි‍ශේෂයෙන් අරලිය සහල් සම්බන්ධව. මම අද අභියෝගයක් කරනවා කටමැද දොඩවන්නේ නැතුව මේ ස්ථානයට ඇවිත් බලලා මේ මෝල ගැන ක්‍රියාමාර්ගයක් ගන්න කියලා.

“මට මේවා තිබ්බත් එකයි නැතැත් එකයි. මේවා මැරෙනකොට මේවා බදාගෙන ගෙනි යන මිනිහෙක් නෙවෙයි. මේ රටේ ආර්ථිකය විනාශ කරපු එකට මම ද වගකියන්න ඕනි. රටේ සහල් හිඟයක් ඇති වෙලා තියෙන එක ඇත්ත. මේක හිඟයක් නොවේ. මේක රජයේ ක්‍රියා කලාපයත් එක්ක ඇතිවු දෙයක්” යනුවෙන් ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.