FAST NEWS

24×7 Around the Globe

ජකර්තා අගනුවර ජලයෙන් යටවෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ජලයෙන් යටවීමෙන් පුද්ගලයන් නව දෙනෙක් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයේ (01) රාත්‍රිය පුරා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ජකර්තා අගනුවර පහත්බිම් රැසක් ජලයෙන් යටවූ බවයි.

මෙම ආපදාවෙන් වැඩි බලපෑම් එල්ලවී ඇත්තේ ජකර්තාහි නැගෙනහිර හා දකුණුදිග ප්‍රදේශවලට වන අතර ඇතැම් ප්‍රදේශවල මීටර් දෙකක් පමණ උසට ජලය පිරී ඇති බව එරට බලධාරීන් සඳහන් කරයි.

විපතටපත් පුද්ගලයෙන් වෙනුවෙන් රජයෙන් විශේෂ සහන සේවා ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.