(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉදිරි මහ මැතිවරණයේදී පුළුල් සන්ධානයකට නායකත්වය දෙමින් තරඟ කර ජයග්‍රහණය කිරීමට තමන් සූදානම් බව සඳහන් කර තිබේ.
විපක්ෂයක් වූ පමණින් සියල්ලට විරුද්ධ නොවන බවත් හොඳ දේවල් සඳහා පක්ෂ වන බවත් එළඹ තිබෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලය බැවින් නව පන්නරයක් තුළින් ඉදිරියට යාමට සැදී පැහැදී සිටින බව ද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.









