FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් 8 ක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇෆ්ගනිස්ථානයේ බල්ක් ප්‍රාන්තයේදී පොලිස් මුරපොළකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 8 දෙනෙක් මියගොස් තවත් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය තලෙයිබාන් සංවිධානය විසින් එල්ල කරන්නට ඇති බවට සැක පල කෙරෙන් නමුත් එම සංවිධානය මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.