FAST NEWS

24×7 Around the Globe

සනී ලියෝන්ගෙ hot ව්‍යායාම වීඩියෝව.

බොලිවුඩයේ නිළියන් මේ වනවිට ව්‍යායාම සම්බන්ධයෙන් වීඩියෝ එළිදැක්වීමට පටන් ගෙන තිබෙනවා.

එහි මුල් අදියර වශයෙන් පූනම් පාණ්ඩේ පසුගිය කාලයේ යෝගා දිනය වෙනුවෙන් යෝගා ව්‍යායාම් කිරීමේ වීඩියෝවක් Youtube ජාලය ඔස්සේ අන්තර්ජාලයට එක්කරනු ලැබුවා.

මෙහි අලුත් සිදුවීම වන්නේ එම ව්‍යායාම් ක්‍රමයට වෙනස්ම ව්‍යායාම් ක්‍රමයක් සනී ලියෝන් විසින් එළිදැක්වීමයි. එනම් ඇය ව්‍යායාම් මාලාවක් එක්කර නිර්මාණය කරනු ලැබූ DVD තැටියක් නිල වශයෙන් එළිදක්වා තිබේ. මෙය සිදුවූයේ පසුගිය 13 වැනිදායි. මෙම DVD තැටිය ඉන්දියාව තුළ ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති බව පවසන සනී කියා සිටියේ සිරුරට නැවුම් හැඩයක් ගැනීම සඳහා මෙය නරඹා ව්‍යායාම් සිදුකරන ලෙසයි.

කෙසේවුවද මෙම DVD තැටිය හේතුවෙන් සහ කොන්ඩම් වෙළෙද දැන්වීමකට පෙනී සිටීමත් හේතුවෙන් සනී ලියෝන් ඉන්දියාව තුළ තහනම් කළයුතු බවට ප්‍රවීණ නිළි රාඛී ස්වාන්ට් පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ තම Facebook ගිණුම තුළයි. ඊට හේතුව ලෙස රාඛී පෙන්වා දී ඇත්තේ සනී ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණයට තවත් පෙළඹවීමක් සිදුකරන බවයි. එමෙන්ම සනී මුදලට ඕනෑම ආකාරයේ වෙළෙද දැන්වීමකට රඟපානු ඇති බවත් මෙම ව්‍යායාම් DVD පටයත් මුදලට පමණක් සීමාවූවක් බවත් ඇය වැඩිදුරටත් පවසයි.

[youtube url=”https://www.youtube.com/watch?v=JMln5ozQJeQ” width=”560″ height=”315″]