(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිල්ලියේ උෂ්ණත්වය අද (31) සෙල්සියස් අංශක 3 දක්වා පහත වැටී තිබේ.
උතුරු ඉන්දියාව පුරා පවතින ශීත වා දහර හේතුවෙන් ද නවදිල්ලි අගනුවර අද සටහන් වූයේ වසර 119 කින් අවම උෂ්ණත්වයයි.
ශීත කාලගුණයත් සමඟ ඝන මීදුමක් නිර්මාණය වීම නිසා දුම්රිය සහ ගුවන් ගමන්වලට ද බාධා පැමිණ තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත රැසක්ම මේ වන විට ඝන මීදුමෙන් වැසී ඇති බව එරට මාධ්‍ය සඳහන් කළේය.









