(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුප‍්‍රකට භික්‍ෂුන් වහන්සේලා කිහිප දෙනෙකු පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරිමට සූදානමින් සිටින බව වාර්තා වේ.
පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ඉන් පෙරද කැපවී කටයුතු කල භික්‍ෂුන් වහන්සේලා කිහිප දෙනෙකු මෙලෙස මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් බව ආරංචි මාර්ග පවසයි.
කොළඔ, ගම්පහ, හම්බන්තොට, පුත්තලම දිස්ත්‍රික්කවලින් උන්වහන්සේලා මෙලෙස තරඟ කරනු ඇති අතර ඉදිරි මහ මැතිවරණයේදී භික්‍ෂූන් වහන්සේලාට තරඟ කිරීමට ඉඩ නොදෙන ලෙස මෙරට ප‍්‍රධානතම නායක හිමිවරුන් කිහිප දෙනෙකුම මේ වනවිටත් දේශපාලන පක්‍ෂවලින් ඉල්ලීම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.









