(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා පිහිටුවනු ලබන පොකුරු ගම්මාන යටතේ පළමු වැල් දොඩම් ගම්මානය බුත්තල, වගුරුවෙල වැවේ යායේ දී ආරම්භ කිරීමට නියමිතය.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය මඟින් මෙය ක්‍රියාවට නංවනු ඇත.
එළැඹෙන 02 වනදා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යා චමල් රාජපක්ෂ මහතාගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුරු වික්‍රමනායක මහතාගේ ප්‍රදානත්වයෙන් එම ගම්මානය ආරම්භ කිරීමට නියමිතය.
මේ සඳහා වැල් දොඩම් වගා කිරීම සඳහා ගොවි මහතුන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සංවිධානය කර ඇත.
එක් ගොවියෙකු සඳහා වැල් දොඩම් වගා කිරීමට රුපියල් ලක්ෂ හයක පමණ අවශ්‍ය පැළ, ද්‍රව්‍යයන් සහ උපකරණ ලබාදීමට කටයුතු යොදා තිබේ.







