FAST NEWS

24×7 Around the Globe

රාජිත රෝහල් ගත වූ හැටි හෙළිවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වරෙන්තු ලබා දින දෙකකට ආසන්න කාලයක් සොයා ගත නොහැකිව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණු ආකාරය අද අධිකරණයේදී හෙළි කෙරුණි.

එහිදී අනාවරණය කෙරුණේ ඔහු රෝහලට ඇතුළත් වී ඇත්තේ අවුකන්නාඩියක් සහ හිස්වැස්මක් පැළඳගෙන බවයි.

ඒ මීට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු අනවරණය කෙරුණා.

එහිදී සැකකාර මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හල මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම තවදුරටත් බලපැවැත්වෙන බවයි.