FAST NEWS

24×7 Around the Globe

ප්‍රභල ක්‍රිකට් තරුවක් දේශපාලනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් විසින් තමන් ඉදිරි මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කිරීමට සූදානම් බව පවසා තිබේ.

කළුතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මෙසේ පැවසීය.

තමා ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට අවස්ථාව ඇති බවත් ජනපති සහ අගමැති දෙන්නාගේ අශීර්වාදයත් තමා සතුව ඇති බවත් ඔහු පවසයි

මේ වන විටත් තමන් මහා මැතිවරණයට සූදානම් වන අතර පොහොට්ටුවෙන් තරඟ කොට ජයග්‍රහණය කරමින් ජනාධිපතිට තවත් තරුණ ශක්තියක් ලබා දීම තමාගේ බලාපොරොත්තුව බව ඔහු තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය