FAST NEWS

24×7 Around the Globe

මහින්ද මන්ත‍්‍රී ධුරයෙන් ඉවත්ව විශ‍්‍රාම ගැනීමේ සූදානමකින්?

පළාත් පාලන මැතිවරණය සඳහා වෙනම පෙරමුණකින් තරග කිරීම සඳහා විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඇතුළු කණ්ඩායමක් ගත් උත්සාහය මහින්ද රාජපක්ෂ මහතාගේ විරෝධය නිසා අසාර්ථක වී ඇතැ’යි වාර්තා වෙයි.

තවද ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත්ව විශ‍්‍රාම ගැනීමේ සූදානමකින් මහින්ද රාජපක්ෂ මහතා පසුවන බවත් නැවත මැතිවරණ වේදිකාවලට ගොඩවීමට අකමැත්ත පළකර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

අප සමග අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දුන් සන්ධානයේ දේශපාලන පක්ෂ නායකයකු ප‍්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණයට වෙනම ඉදිරිපත් වන බව ප‍්‍රකාශ කළේ නිසි සූදානමකින් තොරව බවත් මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ‍්‍රීලනිපයට සම්බන්ධ වැඩි දෙනෙකු මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ තරග කිරීමට සූදානම්ව සිටින නිසා වෙනම තරග කිරීමේ අදහස අත්හැර දමා ඇති බවත්ය.

මේ වනවිට උදය ගම්මන්පිල මහතා, විමල් වීරවංශ මහතා ඇතුළු මෛත‍්‍රීපාල සිරිසේන මහතාව දැඩිව විවේචනය කළ කිහිපදෙනකු පමණක් වෙනම පෙරමුණකින් තරග කිරීමට උත්සාහ ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

අප කළ විමසීමකදී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේ වෙනම පෙරමුණකින් ඉදිරිපත්වීම පිළිබඳව තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවත් ඉදිරියේදී තීරණයක් ගෙන ප‍්‍රකාශයට පත් කරන බවත්ය.

(උපුටා ගැනීම රාවය)