FAST NEWS

24×7 Around the Globe

මඩකළපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර මට්ටමට සංවර්ධනය කිරීමට කටයුතු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මඩකළපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරේ.

ඒ සදහා ඉන්දීය රජයේ ද පූර්ණ සහාය පලව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

දැනට ඉන්දීය ගුවන් ගමන් කටුනායකට හා යාපනය පලාලි ගුවන් තොටුපල දක්වා සිදුකෙරුණු අතර දැනට දෛනිකව පෙ.ව 08.00 සිට සවස 06.00 දක්වා මඩකලපුව ගුවන් තොටුපළේ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වේ.

මඩකලපුව ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස දියුණු කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග හා එම ගුවන් තොටුපලේ දියුණු කළ යුතු අංශ පිළිබද වාර්තාවක් ඇමති ප්‍රසන්න රණතුංග මහතා දැනටමත් ගුවන් සේවා අධිකාරියෙන් ඉල්ලා තිබේ.