(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක හෝටල් වල ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණින් දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්ය කර තිබේ.
ඒ සදහා ඉදිරි මාස 03 ක කාලය තුළ කඩිනම් පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දි තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් දැනටමත් හෝටල් ලියාපදිංචි කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සදහා විශේෂ නිළධාරි කණ්ඩායමක් ද යොදවා තිබේ.
මේ වන විට දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් 20,000 ක් පමණ රජයේ ලියාපදිංචි වි නැති බවත් ඒ අනුව රජයේ ලියාපදිංචි වී ඇති හොටල් සංඛ්‍යාව 2000 ක් පමණ බවත් සඳහන් වෙයි.







