(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊජිප්තුවේ – කයිරෝ නුවර සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී එක් රිය අනතුරක් සිදුව ඇත.
එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 22කි.
මේ අතර සංචාරකයන් රැගත් බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තවත් අනතුරක් සිදුව ඇත.
එම අනතුරෙන් මැලේසියානු ජාතික කාන්තාවන් දෙදෙනෙකු, ඉන්දීය ජාතිකයෙකු සහ ඊජිප්තු ජාතිකයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊජිප්තු බලධාරීන් පවසයි.









