(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න වෙත දුරකතනයෙන් අමතා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු ඔහුගේ සුව දුක් විමසා ඇති බව වාර්තා වේ.
රෝහල් ආරංචි මාර්නග සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටින ඔහුට දුරකතනයෙන් අමතා මෙම විමසීම කර ඇති බවයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ පවත්වනු ලැබූ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ අනුව ඔහු හෙට දිනයේ නැවතත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර හෙට දිනයේ ඔහු විසින් ගොනු කරන ලද පෙර අැප ඉල්ලීම ගැන සලකා බැලීමදට නියමිතය.









