(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෝමාලියාවේ – මොගඩිෂු අගනුවර ජනාකීර්ණ මංසන්ධියක පිපිරුණු මෝටර් රථ බෝම්බයකින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
අගනුවර නිරිතදිග කොටසේ මෙම ප්‍රබල මෝටර් රථ බෝම්බය පිපිරී ඇති බව සෝමාලි බලධාරින් ප්‍රකාශ කළේය.
මොගඩිෂු අගනුවරට පැමිණෙන සහ පිටවන රථ වාහන පරීක්ෂා කරනු ලබන මුරපොලක් අසල මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ වන තෙක් ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීම් භාර ගෙන නොමැත.









