FAST NEWS

24×7 Around the Globe

තිදරු මවක් කල අපරාධයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තිස්හය හැවිරිදි තිදරු මවක් විසින් ප‍්‍රසූත කළ දරුවා නිවස අසල කැලෑවකට විසි කළ බව කියන සිද්ධියක් වාර්තා වුණි.

ඒ අද  (27)  අලූයම 05.30ට පමණය.

හම්බෙගමුව පොලීසිය එම කාන්තාව පසුව අත්අඩංගුවට ගත් අතර විසිකළ දරුවාද සමග ඇය ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුල් කරනු ලැබීය.

හම්බෙගමුව, රතඹලාගම ප‍්‍රදේශයේ කැලෑ රොදක බිළිදෙකු හඬන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම් දීමක් අනුව හම්බෙගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිමෙන් පසු විසි කළ දරුවාද සොයාගෙන තිබුණි.

දරුවා විසි කර ඇත්තේ පෙර දින (26) රාත‍්‍රී 09.30ට පමණ බව දැනගන්නට ලැබුණ බව පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බෙගමුව, රතඹලාගම ප‍්‍රදේශයේ පදිංචි විවාහක තිදරු මවකි.

පාන්දර 05.30 වනතුරු අලූත උපන් කිරිකැටි දරුවා සීතලයට ගැහෙමින්, කුසගින්නේ හඬමින් සිටියදි සොයාගෙන බිළිඳාගේ මව ද  සමග හම්බෙගමුව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඔවුන් දෙදෙනාම වහාම ඇඹිලිපිටිය දිසා මහ රෝහලට මාරුකර යවා ඇත.

හම්බෙගමුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්. රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීම මත උපන්ගමන් බිළිඳා  කැලේට විසි කිරිමට හේතු කුමක්ද යන්න සෙවීමට කාන්තා අංශයේ නිලධාරිනියන් ඇතුලූ නිලධාරීහූ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.